අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දිවයින පුරා විමධ්‍යගත අයවැය වැඩසටහන,විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා 2024.06.27 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
විමධ්‍යගත අයවැය වැඩසටහනේ සම්පූර්ණ ව්‍යාපෘති ගණන 33 362ක් වන අතර ඒසඳහා වෙන්කළ මුළු මුදල රුපියල් මිලියන 11250කි.
දැනටමත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 11 022ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 97.98% කි. නිදහස් කිරීමට ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 227කි.