තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර් ඇප්’ යෙදවුමක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.