තායිවානයට බලපෑ ‘සුපිරි තයිෆූන් රගාසා’ සුළි කුණාටුවෙන් නැගෙනහිර හුවාලියන් ප්‍රාන්තයේ සංචාරක කලාපයක පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 124 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළා.
සඳුදා දින සිට තායිවානයට බලපෑ මෙම සුළි කුණාටුව, මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය වන හොංකොං වෙත බලපාමින් තිබෙනවා.
මීට පෙර ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ඇති වූ නායයෑම් නිසා ගුවාන්ෆු නගරයට දැඩි ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ගිනි නිවීමේ නිලධාරීන් පැවසුවේ මියගිය සහ අතුරුදහන් වූ සියලු දෙනා ගුවාන්ෆු නගරයේ පදිංචිකරුවන් බවයි.
මෙම ජල ගැලීම්වලින් ගංගාවක් හරහා තිබූ ප්‍රධාන මාර්ග පාලමක් ද ගසාගෙන ගොස් තිබෙනවා.