ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා.
මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ඊට ඉතිහාසයේ ප්‍රථම වරට ලොව විශිෂ්ඨතම රග්බි රටවල් 24 ක් එක්වනු ඇති.
ඒ අනුව එම රටවල් 24 මුලික වටයේදී කාණ්ඩ 6 කින් තරග බිමට පිවිසීමට නියමිතයි.
ඒ කාණ්ඩයෙන් ප්‍රබල නවසීලන්තය, සත්කාරක ඔස්ටේ්‍රලියාව, චිලි සහ හොංකොං කණ්ඩායම් තරග වදිනු ලබනවා.
බී කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, ඉතාලිය, ජෝජියාව සහ රුමේනියාවත්, සී කාණ්ඩයෙන් ආර්ජන්ටිනාව, ෆිජී, ස්පාඤ්ඤය සහ කැනඩාවත් තරග බිමට පිවිසීමට නියමිතයි.
ඩී කාණ්ඩයෙන් අයර්ලන්තය, ස්කොට්ලන්තය, උරුගුවේ සහ පෘතුගාලය තරග වදින අතර ඊ කාණ්ඩයෙන් ප්‍රංශය, ජපානය, අමෙරිකාව සහ සැමෝවා එක්වනවා.
එංගලන්තය, වේල්සය, ටොංගා සහ සිම්බාබ්වේ කණ්ඩායම එක්වන්නේ එෆ් කාණ්ඩයෙනුයි.
ඒ අනුව 2027 රග්බි ලෝක කුසලානයේදී රටවල් 24 තරග 52 ක් ක්‍රීඩා කරනු ඇති.













