
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව විභාගයට ගැනීම වැළක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබෙනවා. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති එම අභියාචනය සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.














