මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තියට නඩු පැවරීමට පොලීසිය පියවරගෙන තිබෙනවා.
එමෙන්ම ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙහිදී 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂ මහතාට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙන බවද සඳහන්.
මෙහිදී මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවයි විමර්ශන තුළින් අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව අද යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිදුවීම හ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියා.