සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.
හීතෘ, බ්‍රසල්ස්, බර්ලින්, ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු මේ හේතුවෙන් අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගුවන් යානා වෙත මගීන් ඇතුළත් කර ගැනීමට අදාළ සේවා සපයන අන්තර්ජාල පද්ධතියක් ඉළක්ක කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු වීම් ද සිදුව ඇති බව වාර්තා වනවා.