කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් කළ 23හැවිරිදි යුක්රේන ජාතික තරුණියක බිංගෙයක හැපී දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
උඩරට මැණිකේ දුම්රිය පස්වරුවේ ඕහිය හා පට්ටිපොළ අතර ප්රදේශයේ ධාවනය වෙමින් තිබියදී, අදාළ තරුණිය බිංගෙයක හැපී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇය දුම්රියෙන් බිමට වැටී ඇති බවයි වාර්තා වන්නේ.