Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපන සරසවි සිසුවිය ඩෙංගු මදුරුවාට පරදියි – තවත් ඩෙංගු රෝගීන් 114ක් යාපන රෝහලේ

    යාපන සරසවි සිසුවිය ඩෙංගු මදුරුවාට පරදියි – තවත් ඩෙංගු රෝගීන් 114ක් යාපන රෝහලේ

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-12-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලීය සිසුවියක් 24 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

    යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීනා නමැති සිසුවියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

    ඩෙංගු උණ රෝගය වැළදුණ දැරිය යාපනය තෙලිප්පලෙයි රෝහලට පළමුව ඇතුළත් කොට ඇති අතර, එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

    මියගිය සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකොට ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයකින් තරුණිය මියගොස් ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

    මේ අතර යාපනය රෝහල තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්ව ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසනවා.

    පැවති වැසි තත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, තමන් අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

    යාපනය දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන අංශ ප්‍රධානීන් අතර සාකච්ජාවක්ද පසුගියදා පැවැත්වුණා.

    එහිදි යාපනය දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසටද ආණ්ඩුකාරවරිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

     

    පෙර පුව​තරුපියල් මිලියන 14 ක කේරළ ගංජා තොගයක් අල්ලයි
    ඊළඟ පුව​ත ආරක්කු 9 පාලම ආසන්නයේදී 21 හැවිරිදි තරුණියට අත්වූ ඉරණම

    සබැ​ඳි පුවත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group