
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් වුණා. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත්කරමින්. ඊයේ පැවති අවසන් තරගයේදී යානික් විසින් ඇලෙක්සැන්ඩර් 6 ට 7 ක්, 7 ට 6 ක්, 6 ට 3 ක් සහ 6 ට 4 ක් ලෙස පරාජයට පත් කළා.
ඒ අනුව යානික් සිනර් අඛණ්ඩව විම්බල්ඩන් ශුරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා. ඔහු පසුගිය වසරේ පැවති තරගයේ දී මෙම ශුරතාවය දිනා ගනු ලැබුවේ එතෙක් වසර 148 ක ඉතිහාසය තුළ විම්බල්ඩන් ශුරතාවය දිනා ගත් පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත් වෙමින්.














