විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විදුලිය ඒකකයක් උත්පාදනය සඳහා මේ වන විට රුපියල් 56.90ක් වැය වුවද මේ වන විට පාරිභෝගිකයාගෙන් අය කෙරෙන්නේ රුපියල් 29ක් බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ ඒ අනුව ඒකකයකින් රජය ලබන පාඩුව රුපියල් 27.10ක් බවයි.
මහජන උපයෝගිතා කොමිසම නිසි ලෙස වසරින් වසර හෝ නිශ්චිත කාල වකවානුවක දී විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීමේ දැවැන්ත බර පාරිභෝගිකයාට දැරීමට සිදුව ඇති බවට ද අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කළා.
උණුසුම් පුවත්
- සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
- වායු ගුණ තත්ත්ව දර්ශකය සුළුවශයෙන් අහිතකර මට්ටමක
- මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප
- ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද
- කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම
- කමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
- ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
- කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු