විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විදුලිය ඒකකයක් උත්පාදනය සඳහා මේ වන විට රුපියල් 56.90ක් වැය වුවද මේ වන විට පාරිභෝගිකයාගෙන් අය කෙරෙන්නේ රුපියල් 29ක් බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ ඒ අනුව ඒකකයකින් රජය ලබන පාඩුව රුපියල් 27.10ක් බවයි.
මහජන උපයෝගිතා කොමිසම නිසි ලෙස වසරින් වසර හෝ නිශ්චිත කාල වකවානුවක දී විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීමේ දැවැන්ත බර පාරිභෝගිකයාට දැරීමට සිදුව ඇති බවට ද අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කළා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














