යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 ක් වූ ඌරාව, රොටුඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. පනාමුර, මිද්දෙණිය මාර්ගයේ වළල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













