ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට රජය “කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බලගතු ගෝලීය නායකත්වය” වෙනුවෙන් රටේ ජාතික ගෞරව සම්මානය වන ‘The Officer of the Order of the Star of Ghana’ පිරිනමා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙත එම සම්මානය පිරිනමා තිබුණේ, ඝානා ජනාධිපති ජෝන් ද්රාමානි මහාමා විසින්.
“The Officer of the Order of the Star of Ghana” සම්මානයෙන් පිදුම් ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවයි X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
“කෝටි 140ක් වූ ඉන්දියානුවන් වෙනුවෙන් මම නිහතමානීව මෙම සම්මානය පිළිගන්නවා,” යනුවෙන් සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එය ඉන්දියාවේ තරුණයින්ගේ අභිලාෂයන් සහ දීප්තිමත් අනාගතය, එහි සංස්කෘතික සම්ප්‍රදායන් සහ විවිධත්වය සහ ඝානාව සහ ඉන්දියාව අතර ඓතිහාසික සබඳතා වෙනුවෙන් කැප කිරීමක් ලෙසයි.