මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රිවිධ හමුදාව එක්ව, පොලිස්තුමාගේ අධීක්ෂණ යටතේයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ.
ඒ අනුව, 2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේ.
T-56 අවි 61ක් පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන තිබෙනවා.
2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වුඩ්ලර් මහතා කියා සිටියා.
මේ අතර 2025 වසරේ මේ දක්වා සිදුකළ මෙම මෙහෙයුම් හරහා පුද්ගලයින් ලක්ෂ 51 ක් තීව්‍ර ලෙස පරීක්ෂා කිරීම්වලට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේ.
ඒ පරීක්ෂා කිරීම් හරහා එක් ලක්ෂ හාරදහසක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.