මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
ඒ, ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්.
තරගාවලියේ අවසන් අදියර අගෝස්තු මස 29 වන දින සිට 31 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේ.