මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ඊයේ දිනයේ දී රුපියල් 175,700ක් ලෙස මිල සටහන් වූ “කැරට් 22” රන් පවුමක මිල අද පෙරවරුවේ රුපියල් 177,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 193,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.





 


 






 
								