පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර තිබෙනවා.
ඒ අනුව මිරිස්, වම්බටු, මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා විදේශ රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් ඉදිරිපත්ව ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ .
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පෞද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදුකර ඇති බව සදහන් .
එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම සදහා ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා .