2020 වසරේ සිට මෙරට මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කලේ මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක්ද දක්නට ලැබෙන බවයි.
2020 වසරට පෙර පැවති 325,000ක් පමණ වන වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට 280,000 සීමාව දක්වා අඩු වී ඇති බව සඳහන්.
ඒ අතර වාර්ෂික මරණ සංඛ්‍යාව 140,000 සිට 180,000 පමණ දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය ජනගහන වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරනු ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.