
මෙරට කෘෂි නිෂ්පාදනවලට පවතින විදෙස් ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ පමණක් කෘෂි නිෂ්පාදනවල අපනයන වර්ධනය සියයට 20කින් වැඩි වී ඇති බවයි. පොල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 42ක් අපනයනය කර තිබෙන අතර පලතුරු සහ එළවළු සියයට 20ක්, අපනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.














