මෙම වසරේ පසුගිය මාසයේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ සියයට 3.51ක වර්ධනයක් සහ කෘෂිකාර්මික අපනයනය ආදායමේ සියයට 14.87ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කළේ.
මීට අමතරව කාර්මික අපනයනයේ ආදායමේ සියයට 0.08ක සහ සේවා අපනයන ආදායමේ සියයට 37.87ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් වූ බවයි අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.