සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුනහොත් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ පසුගිය සඳුදා දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනා සමග ජනාධිපතිවරයා එකඟ වූ බවයි.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම සිය සංගමයේ ඉල්ලීම බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවද එම නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














