සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුනහොත් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ පසුගිය සඳුදා දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනා සමග ජනාධිපතිවරයා එකඟ වූ බවයි.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම සිය සංගමයේ ඉල්ලීම බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවද එම නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.
උණුසුම් පුවත්
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප
- ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
- කාළගුණයෙන් රතු එලි
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට













