තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට තංගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අතුරුදන් පුද්ගලයා වයස අවුරුදු 19ක් පමණ වන නාකුළුගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
අතුරුදන් පුද්ගලයා ඔහුගේ මිතුරන් සමග ඉහත ස්ථානයේ දියනාමින් සිටියදී මෙලෙස දිය පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














