ඩයනා ගමගේ මහත්මියගේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සදහා මීට සු`ඵ මොහොතකට පෙර මුජිබර් රහුමාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස පත් වූ ඒ මහතා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් පසුගියදා සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.
අනතුරුව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීධුරයක් සදහා නැවත ඔහු පත්කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.