ඊශ්රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්රී ලංකාවේ සාත්තු සේවිකාවක් වන ඉරෝශිකා චතුරංගනී, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්රහාරයකින් තුවාල ලබා තිබෙනවා. ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.
මේ වනවිට ඇයට ප්රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.