රුපියල් මිලියන 16තට අධික වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනය මාමුණෛයි ප්‍රදේශයේ දී අද(04) සිදු කරන ලද වැටලීමකදීයි.
මෙහිදී රුපියල් මිලියන 16කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 71යි ග්‍රෑම් 400ක තොගයක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.
නාවික හමුදාවේ වෙත්තලකේනී නාවික කඳවුර අයත් විශේෂ කණ්ඩායමක්, යාපනය මරුදන්කේනී පොලිසිය එක්ව අද(04) අලුයම් කාලයේදී මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයමු සිදු කර ඇති අතර එම ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු ගමන් මළු හතරක් සහ එක් උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම ගමන්මළු තුළ සහ උරයෙහි සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මරුදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.