මියන්මාර හමුදා පාලනය ප්රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය තවත් මාස 6ක කාලයකින් දීර්ඝ කර තිබෙනවා.
කුමන්ත්රණයක් මගින් මියන්මාරයේ පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කර ගෙන ඊයේ දිනයට වසර 2ක්.
ජනතාවට ලබාදීමට පොරොන්දු වී ඇති මැතිවරණය තවත් කල් දමමින් හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමටයි හමුදා පාලනය පියවරගෙන ඇත්තේ.
මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හමුදා පාලනය මෙතෙක් නිවේදනයක් කර නැහැ.
කෙසේ වුවද හදිසි තත්ත්වය ප්රකාශයට පත්කර තිබියදි මැතිවරණයක් පැවැත්විය නොහැකියි.
මේ අතර හමුදා පාලනයට විරෝධය දක්වමින් ඊයේ දිනයේ දී ද එරට ජනතාව නිහඩ විරෝධතා පවත්වා තිබෙනවා.