සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබෙනවා. නවසීලන්ත නිත්‍ය නායක ටොම් ලේතම් මේ වන විට උරහිසේ ආබාධයකට ලක්ව සිටිනවා. මේ අනුව ඔහු දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් නිවේදනය කර ඇත්තේ. මේ හේතුවෙන් නවසීලන්ත සීමිත පන්දුවාර තරගවල නායකයා වන මිචෙල් සැට්නර්ට මෙම වගකීම ලැබී ඇති බව සඳහන්. ඒ අනුව නවසීලන්ත පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවන 32 වැනි නායකයා මිචෙල් සැට්නර් වනු ඇති.
උණුසුම් පුවත්
- තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනෙයි
- අයවැය විවාදය ඇරඹෙයි
- චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
- විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
- වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
- සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !













