මෙම වසරේ මැයි මාසයේදී තේ කිලෝ මිලියන 21.87ක් අපනයනය කර තිබෙනවා.
එය පෙර වසරේ මෙම කාලය හා සැසදීමේදී මිලියන 2.4ක ඉහළ යාමක් බව සදහන්.
පසුගිය වසරේ මැයි මාසයේදී අපනයනය කර ඇත්තේතේ කිලෝ මිලියන 19.45ක ප්‍රමාණයක් වනවා.
එමෙන්ම මෙම වසරේ මුල් මාස පහ තුළ තේ කිලෝ මිලියන 103.38ක් අපනයනය කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉරාකයටයි.