සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය මෙය වීමද විශේෂත්වයක්. 2025 – 2027 අයි.සි.සි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්. මේ අනුව දෙරට අතර පළමු තරගය ගාල්ලේදී අද ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේදී සිය අවසන් පුහුණු සැසියටද එක්ව තිබුණා. දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ එළි දැක්වුණා. මේ අනුව පළමු ටෙස්ට් තරගය අද පෙරවරු දහයට ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා