සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය මෙය වීමද විශේෂත්වයක්. 2025 – 2027 අයි.සි.සි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්. මේ අනුව දෙරට අතර පළමු තරගය ගාල්ලේදී අද ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේදී සිය අවසන් පුහුණු සැසියටද එක්ව තිබුණා. දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ එළි දැක්වුණා. මේ අනුව පළමු ටෙස්ට් තරගය අද පෙරවරු දහයට ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ලෝක හදවත් දිනය අදයි
- වැඩිම පාසල් ළමුන් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිරින් බවට අනාවරණයක්
- පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලයි
- කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
- වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
- පස් කන්දක් කඩා වැටී දෙදෙනෙක් මරුට
- වලපනේ මහ ඌව ප්‍රදේශයේදී බස් අනතුරක්
- වෛද්‍යවරයකු ගමන් කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි