චීනයේ මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට එරට අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා.
චීන මියන්මාර දේශසීමාව ආසන්නයේ මියන්මාරයට අයත් ප්‍රදේශයක මින්ග් නැමැති පවුලට අයත් මොවුන් අපරාධ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර 2023 වසරේදි මියන්මාර ආරක්ෂක අංශ මොවුන්ව අත්අඩංගුවට ගත්තා.
පසුව චීන රජය වෙත ඔවුන්ව භාරදිමටයි පියවර ගැනුණේ.
2015 වසරේ සිට මොවුන් විදුලි සංදේශ වංචා, නීතිවිරෝධි කැසිනෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගණිකා වෘත්තිය ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
මින්ග් නැමැති පවුලට අයත් සාමාජිකයින් 39 දෙනෙකුට දඩුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් 11 දෙනෙකුට මරණ දඩුවමද තවත් 05 දෙනෙකුට වසර 2 ක් අත්හිටවු මරණ දඩුවම්ද, තවත් 11 දෙනෙකුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.