2025 වසරේ මාර්තු දක්වා ගතවූ මුල් මාස 03 තුළ පමණක් පැමිණිලි 1, 267 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ඒ ඔස්සේ විමර්ශනය කර අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, කම්කරු කාර්යාලය, ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ඇතුලු ආයතන 10 කට අදාළ නිලධාරීන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වෙන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර, පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද වනවා.
විදුහල්පතිවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරීයෙකු එලෙස අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර සිටින බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් වාර්තා කළේ.