ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා.
2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබා දීම හේතුවෙනුයි මෙවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ.
ඒ අනුව දර්ශන විතානගේ, නසීර් මොහමුදු, ඒ.ඒ. අනුර කුමාර සහ අමිල් එරංග යන සභිකයින්ගේ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම උමේෂා රශ්මි, අතුල කුමාර, අනුර කුමාර සහ සුමේද ලක්මාල් යන අයගේද සාමාජික්තවය අත්හිටුවීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇත්තේ.
එම පක්ෂය සදහන් කළේ පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති බවයි.
ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර අදාළ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.











