ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග පක්ෂයේ ලේකම්වරයා විසින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමටයි මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කෙරුණා.
උණුසුම් පුවත්
- බස් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක්
- ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා
- ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක්
- නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා
- ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
- ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –
- මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි