මාලදිවයින සහ ශ්‍රීලංකාව අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොමැති වීම හේතුවෙන් ඒකාබද්ධ විමර්ශන කටයුතුවල නියැලීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන බවයි සඳහන් වන්නේ.
එබැවින්, ඒ සඳහා දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා 2022‑09‑22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් අදාළ ගිවිසුමට අත්සන් තබා නොමැති බව සඳහන්.
යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා මාලදිවයින් රජයේ එකඟතාව පළ කර ඇති අතර, නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබෙනවා.