දොඹගහවෙල සහ මරදාන යන පොලිස් බලප්‍රදේශයන්හි සිදු වු මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ දෙඹගහවෙල, ගලබැද්ද ප්‍රදේශයේදී මොනරාගල සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් පමණ වන දොඹගහවෙල, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මරදාන BBC පාලම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආමර්වීදිය දෙස සිට සංඝරාජ මාවත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් එම දිශාවටම ධාවනය වූ බස් රථයකට යටවීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් පමණ වූ පුද්ගලයෙක් අනතුරෙන් මරණයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරාදන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.