රණවිරු දෙමාපියන්ට ලබාදෙන ‘මාපිය රැකවරණ දීමනාව‘ ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත මෙම දීමනාව ලබා දෙනවා. මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. දීමනාව ලබා ගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්තසහතිකය රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුයි. දැනට 32,867ක් වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් අතරින් 17,000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබා දී ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල රැකියා සදහා තවත් ලාංකිකයින් පිරිසක්
- මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්
- ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්
- තංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
- යටියන්තොට, තංගල්ල, කළුතර අයවැය මාලිමාව පරදී
- නුගේගොඩ රැළිය ගැන පොලිසියෙන් නිවේදනයක්












