මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.
එම ආයතනය සදහන් කරන්නේ මේ වන විට මහා බාධක කොරල් පරයේ බොහෝ ප්‍රදේශ වල කොරල් විරංජනය සිදු වීම ඉහළ ගොස් ඇති බවයි.
කොරල් විරංජනය ලෙස හැදින්වෙන්නේ කොරල් පර වල වර්ණය සම්පූර්ණයෙන්ම දුරු වී සුදු පැහැයක් ගැනීමේ ක්‍රියාවලියකි.
මේ වන විට මහා බාධක කොරල් පරයේ දකුණු ප්‍රදේශයේ තුනෙන් එකක පමණ කොටසක් විරංජන්‍ය වීමට ලක් වී ඇති අතර මධ්‍යම කලාපයේ සියයට 14 ක කොටසක් විරංජනයට ලක් වී තිබෙනවා.
ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ සිට කිලෝමීටර 1500 ක් පුරාවට මෙම මහා බාධක කොරල් පරය විහිදී තිබෙනවා.
මේ වන විට සමස්ත ලෝකයම මහා කොරල් විරංජනයකට මුහුණ දෙමින් සිටින බවයි එම ආයතනය අණාවරණය කර්න්නේ.
ඒ අනුව අහිත කර දේශගුණික විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට කොරල් පරිසර පද්දතියේ සියයට 84 ක ප්‍රමාණයක් විරංජනය වීමේ අවධානමක් මතු වී ඇති බවද එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී දුම්වැටි සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ප්‍රසංගයක් බලන්න ආ 31ක් කූඩුවට
- 100 වතුර බෝතලේ 140ට විකුණලා ලැබුණු දඬුවම
- විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට
- අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
- කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා
- සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්
- සංචාරක නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්













