
මහර බන්ධනාගරයේ ඊයේ පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබෙනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගැනුනේ . ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කෙසේ වෙතත් මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇතිවූ බවට තොරතුරු වාර්තා වනවා. බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සහ කර තිබෙනවා. ඒ සමඟ ආරක්ෂක අංශ නිලධාරින් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ එම ජනතාව පාලනය කිරීමට උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ඇතිවූ බවයි වාර්තා වන්නේ .














