අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව එම මාර්ගයේ, කහටගොල්ල ප්රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් මෙසේ වසා දැමීම සිදුකරන බවයි එම සංවිධානය සඳහන් කළේ.
එම මාර්ගය අසළ ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියා.