වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳ, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම පුද්ගලයින් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන්. ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා දේවි වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍යන් රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ශාන්ත අබේසේකර යන හිටපු මැති ඇමතිවරුන්ගේ නම්ද අදාළ විමර්ශනයට ඇතුළත් බවයි වාර්තා වන්නේ. මේ අනුව ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද සඳහන්. මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල්, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපොළ සම්බන්ධයෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ විමර්ශනයේදී කිසියම් හෝ පුද්ගලයෙකු අයථා ලෙස මුදල් උපයාගෙන දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, ඒවා නැවත පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
- වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
- පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
- මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්
- ප්‍රදේශ කිහිපයකට වැසි