Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.
    • එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්නාරමෙන් ජනපතිට ඉල්ලීම් රැසක්

    මන්නාරමෙන් ජනපතිට ඉල්ලීම් රැසක්

    2024-06-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් ඊයේ (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.

    රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

    මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.

    මන්නාරම ධීවර ජනතාවගේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

    පෙර පුව​තජාතික ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් ශූරතා දෙකම බස්නාහිරට (වීඩියෝ)
    ඊළඟ පුව​ත බොහෝ කලකට පසු ජනපති ආර්යාව මාධ්‍ය ඉදිරියට එයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group