පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්.
පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.














