මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා.
කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.











