මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු යලිත් නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා.
ඒ අනුව එම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ වුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කරනු ලැබුවා.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8 යි දශම 6ක්.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් මෙම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ මැද භාගයේදී අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
එහි ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන – ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ ණය මුදලක් අනුමත වී ඇති බවයි වාර්තා වන්නේ .
2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37ක දුරක් මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ පවතිනවා.