ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 150 සමග පුද්ගලයෙකු ලිදුල පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් මෙරායා නගරයේ බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන අතර, එම ආයුර්වේද බෙහෙත් ශාලාවට පැමිණෙන තරුණ පිරිස් සහ පාසල් සිසුන්ට මදන මෝදක ගුලියක් රු.150ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවයි ලිදුල පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (02) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
උණුසුම් පුවත්
- ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
- හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
- ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
- දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
- ආපදා මරණ ඉහලට
- පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට
- නොපෙනන වස්තු සොයන්න ගිහින් කූරූ ගනින්න වෙයි
- සම්භාහනය මුවාවෙන් කළ කැත වැඩක් මාට්ටුවෙයි










