අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
උණුසුම් පුවත්
- ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ ගිවිසුමක්
- ආරුක්කු නවයේ පාලමේ ස්ථානීය පරීක්ෂාවක්
- ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මද්‍යස්ථානය නිරීක්ෂණයට අගමැතිනිය එක්වෙයි
- රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
- අස්වැසුම සම්බන්ධයෙන් ලෝක බැංකුවෙන් යෝජනාවක්
- ආණ්ඩුවේ ඊළග ප්ලෑන් එක සමන්ත හෙළිකරයි ! – VIDEO –
- මම පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
- පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !













