බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගියදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජූලි අට වැනිදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා. මේ අනුව ඊයේ දිනයේ පස්වරු කාලයේ සහස්පුර ප්‍රදේශයේ දී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අපරාධය සඳහා යොදා ගත් තවත් ත්‍රිරෝද රථයක්ද සමගින් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වූ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර මෙම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ පස්වරු කාලයේ බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115 ක් සමඟ අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
- ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
- IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්














