බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටව ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසම විසින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 2012 ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා අතර කාල සීමාවේදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට සැක පිටයි.













